රට වටා

තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය

මොරටුව,පානදුර සහ හෝමාගම පොලිස් බල ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවයි. යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒබව සඳහන් කළේ ය.


කොවිඩ් 19 ආසාදනය වූ තවත් 293ක්

කොවිඩ් 19 ආසාදනය වූ තවත් 293ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඔවුන්ගෙන් 291 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බවත් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත් ඔහු පැවසීය.


තේ ආනයනය පහත වැටේ

මෙම වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 198.2 ක් අපනයනය කර ඇති අතර, එය පසුගිය වර්ෂයේ එම කාලය හා සසඳන විට කිලෝග්‍රෑම් මිලියන 22.8ක පහත වැටීමක් වේ. මේ අනුව වර්ෂයේ…


තවත් කොරෝනා මරණයක්

17 වන කොරෝනා මරණය අද (27) වාර්තා වුණේ ය. ඒ ජා-ඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු වේ. IDH රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මරණයට පත් වුණේ ය.


වහාම හැටන් හුදෙකලා කරයි

හැටන් නගරය මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.  


කඩුවෙල කොරෝනා ආසාදිතයන් 32 ක්

කඩුවෙල බල ප්‍රදේශයේ ඊයේ (26දා) වන විට කොරෝනා ආසාදිතයන් 32 වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 19ක් සහ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 13ක් මෙලෙස ආසාදිතයන් බවට තහවුරු වී…



කොළඹ ජනතාව ගැවසෙන ස්ථාන විෂබීජහරණය කෙරේ

කෝවිඩ් – 19 වෛරසය හේතුවෙන් පැතිර ඇති කොරෝනා රෝග වසංගතය මැඩලීම සදහා දියත් කර ඇති ⁣මෙහෙයුමට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වශයෙන් පොදු ජනතාව ගැවසෙන ස්ථාන විශබීජහරණය කිරීමේ වැඩසටහනක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම…


අභයභූමිවලට අයත් ඉඩම් ප්‍රමාණය මැණ සිමා මායිම් කෙරේ

ඇතැම් අභයභූමි මෙන්ම වනසංරක්ෂණ කළාප අනවසරයෙන් ඇතැම් පුද්ගලයින් මෙන්ම ව්‍යාපාරිකයින්ද අත්පත් කර ගනිමින් සිටින නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්, අනවසර ඉදි කිරීම් ඉවත් කිරීම සඳහාත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර විසින්…


හම්බන්තොට ධීවර වරායේ ධීවරයින් දෙදෙනෙකුටත් කොවිඩ්

හම්බන්තොට ධිවර වරායේ ධිවරයින් දෙදෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඔවුන්ගෙන් ලබාගත් PCR පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමඟ හම්බන්තොට ධිවර වරායට හා නගරයට ඇතුළුවීමේ සීමා පනවා ඇත. හම්බන්තොට ධිවර වරායේ ධිවරයින් 57 දෙනෙකු…