මෛත්‍රී පොහොට්ටුව යටකර රටේ බලය අල්ලන්න සුදානමින් – දයාසිරි පක්ෂය අල්ලා ගැනීමේ ගේමක

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු ඩිවු ගුණසේකර සහ තිස්ස විතාරණ යන මහත්වරුන් නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ පෙරටුගාමී පෙරමුණ සමග සිය නිවසේ දී සාකච්ඡාවක් ද පවත්වා තිබුණා.

එම අවස්ථාවට මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සහභාගී වී ඇත්තේ හිටපු ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පමණක් වන අතර වත්මන් මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ද මෙම හමුවට සහභාගී කරවා ගැනීමෙන් වැළකී තිබෙනවා.

මේ අතර නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ද නව දේශපාලන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර එහි අරමුණ වී ඇත්තේ නිදහස් පක්ෂයේ නායකත්වය ලබා ගැනීම බවයි වාර්තා වන්නේ.

නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ගේ සහ ආසන සංවිධායකයන්ගේ විනය පරීක්ෂණ ද මේවනවිට මහලේකම්වරයා විසින් අඩපණ කරමින් නායකත්වය ලබා ගැනීමේ සටන දියත් කර තිබෙනවා

Be the first to comment on "මෛත්‍රී පොහොට්ටුව යටකර රටේ බලය අල්ලන්න සුදානමින් – දයාසිරි පක්ෂය අල්ලා ගැනීමේ ගේමක"

Leave a comment

Your email address will not be published.


*