ලීසිං සමාගමක් දේශීය ව්‍යාපාරිකයන්ගේ ලේ උරා බොයි – ජනපති උපදෙස් කුණු කූඩයට

කොවිඩ් වසංගතයත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනතාවට ලබාදුන් කල් බදු සහන වංචා කරනා ලිසිං සමාගමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

මෙම සමාගම සම්බන්ධයෙන් මහ බැංකුවට ද මේවනවිටත් පැමිණිලි රැසක් ලැබී ඇති බව මහබැංකුවේ ප්‍රකාශකයෙක් truenews.lk වෙත සඳහන් කළා.

එම සමාගම සහන වංචා කරමින් මෙරට ප්‍රධාන පෙළේ දේශීය ව්‍යාපාරිකයන්ව අපහසුතාවට පත් කරන බවයි එම පැමිණිලි සනාථ කර ඇත්තේ.

2020 වසරේ අප්‍රේල් මස සිට රජයේ උපදෙස් පරිදි කල්බදු සහන ක්‍රියාත්මක වුව ද මෙම සමාගම එම කාලය සඳහා අධික පොලියක් අය කරමින් සිටින අතර සියලු මුදල් ගෙවා කල්බදු ගිවිසුම් අවසන් කරන අවස්ථාවේ දීද ඉහළ මුදලක් ද අසාධාරණ ලෙස අය කරන බවට චෝදනා එල්ල වනවා.

කල්බදු සහන ක්‍රියාත්මක කිරීමට පෙර රුපියල් 105,000ක් වූ මාසික වාරිකට කල්බදු සහන ක්‍රියාත්මක කළා ට පසු අඩුවිය යුතු වුව ද 125,000ක් පමණ දක්වා ඉහළ දමා ඇති බවයි අසාධාරණයට පත් ව්‍යාපාරිකයන් පෙන්වා දී ඇත්තේ.

කල්බදු සඳහා තවත් ගෙවිය යුතු සම්පුර්ණ මුදල පිළිබඳව ද කිසිම ලිඛිත දැනුම් දීමක් මෙම ආයතනය සිදු නොකරන අතර එමගින් විශාල වාහන ප්‍රමාණයක් හිමි ආයතනවල සිට ත්‍රිරෝද රථ කර්මාන්තය දක්වාම අසාධාරණයට ලක්වන බවයි වාර්තා වන්නේ.

කල් පිරුණු තැන්පතු වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දුන් උපදෙස් අදාළ සමාගම විසින් නොපිළිපදින ලදැයිද දැනට වසර කිහිපයක පෙර සිදුවිමක දී මහබැංකුව අධිකරණයට ද දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට එම ෆිනෑන්ස් සමාගමෙන් ව්‍යාජ හා අසම්පුර්ණ තොරතුරු ඉදිරිපත් කැර ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ එම වාර්තා වේ දැක්වුණා.

මෙම ආයතනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කිරීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ දේශීය ව්‍යපරිකන් පිරිසක් සුදානම් වන බව ද වාර්තා වනවා.

Be the first to comment on "ලීසිං සමාගමක් දේශීය ව්‍යාපාරිකයන්ගේ ලේ උරා බොයි – ජනපති උපදෙස් කුණු කූඩයට"

Leave a comment

Your email address will not be published.


*