කොරෝනා නිසා මිය ගිය ‘මාස දෙකක බිළිඳියක් පිළිස්සීම(ආදාහනය ) ගැන’ දුක පළවේ

කොරෝනා ආසාදනය වී මිය ගිය මාස දෙකක් වයසැති බිලිදියක් ආදාහනය කර ඇතැයි වැලිගම නගරාධිපතිවරයා සඳහන් කරයි.

ඔහු ට්විටර් සටහනකින් පවසන්නේ මෙය තම හද කම්පා කරන පුවතක් බවය.

එම සිරුර භූමදානය කිරීමට ඉඩ ලබාදීමට අපොහොසත් වීම ගැන තමන් කණගාටුවන බවද එම පණිවිඩයේ දැක්වෙයි.

තමන් වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් භූමදානයට ඉඩදිය හැකි ක්‍රමයක් නැති බවත් ඔහු පැවසූ බවද නගරාධිපතිවරයාගේ සටහනේ තවදුරටත් දැක්වේ.

Be the first to comment on "කොරෝනා නිසා මිය ගිය ‘මාස දෙකක බිළිඳියක් පිළිස්සීම(ආදාහනය ) ගැන’ දුක පළවේ"

Leave a comment

Your email address will not be published.


*