බස්නාහිර පළාතෙන් පිටව යාමට පැමිණි පුද්ගලයන් 05 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි තහවුරු වුණා .
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ස්ථාන කිහිපයක අහඹු ලෙස සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂාවෙන් මේ බව තහවුරු වූ බවයි.
මෙම ආසාදිතයන් 05 දෙනා හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතේ සිට පිටව යාමට පැමිණි 451 දෙනෙකුට සිදුකරන ලද පරීක්ෂණවලින්.
බස්නාහිර පළාතෙන් පිට වෙන පුද්ගලයන්ට අහඹු පරීක්ෂණ ස්ථාන කිහිපයකදී සිදු කිරීමට රජය විසින් තීරණය කර ඇත .
Be the first to comment on "බස්නාහිරෙන් පිටවන්න ගිය පිරිස් පරීක්ෂා කිරීම ඇරඹේ – 5කට කොවිඩ්"