ජනක රණවක සජිත් හමු වීම දේශපාලන පෙරළියක පෙර නිමිත්තක් ! – පසුපස මෛත්‍රී ?

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සමීපතමයෙකු වන කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා සමගි ජන බලවේගය සමග සකච්ඡාවකට එක් ව ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුදැනුම අනුව බවට වාර්තා පළ වනවා.

හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තු වන අග්‍ර ඵලය ලබා ගැනීම සඳහා ආණ්ඩුව කඩා දැමීමේ සටන එතැනින් ඇරඹීම ඔවුන්ගේ බලාපොරොත්තුව වී ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කළේ.

ජනක රණවක මහතා කෝට්ටේ නගරාධිපති ලෙසද කටයුතු කළ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙසද කටයුතු කළා.

ජනක රණවක විපක්ෂයට යවා ඉතිරි පිරිස ඉන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානමක් ඇත්ද යන සැකය දැන් මතු වෙමින් තිබෙනවා.

Be the first to comment on "ජනක රණවක සජිත් හමු වීම දේශපාලන පෙරළියක පෙර නිමිත්තක් ! – පසුපස මෛත්‍රී ?"

Leave a comment

Your email address will not be published.


*