දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1 න් පසුව වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (13) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවලත්  අද උදෑසන කාලයේදී  තැනින් තැන වැසි ඇතිවිය හැකි වනවා.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යමපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100 ඉක්ම වූ තද වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා.

Be the first to comment on "දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1 න් පසුව වැසි"

Leave a comment

Your email address will not be published.


*