ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 486ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම,මඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මන්නාරම,මඩු පොලිස් මාර්ග බාධකයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදීයි.

රුපියල් ලක්ෂ 6 පමණ වටිනාකමින් යුතු එම කේරළ ගංජා තොගය මන්නාරම ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකුගෙන් ලබාගෙන බෙදා හැරීම සඳහා එලෙස ප්‍රවාහන කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය ප්‍රකාශ කළ බවයි අප වාර්තා කරු ප්‍රකශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මන්නාරම, මඩු පොලීසිය විසින් ක්‍රියාත්මකයි.

Be the first to comment on "ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට"

Leave a comment

Your email address will not be published.


*