කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික සේවකයන්

කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහය ලබාගැනීමට විශ්‍රාමික සේවකයන් සේවයට කැඳවා තිබෙනවා.

එමෙන්ම සුදුසුකම් ලත් බාහිර ආයතනවලින්ද සේවා ලබාගැනීමට තීරණය කර ඇති බවයි වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේ.

පවතින තත්ත්වය මත කොළඹ වරායට පැමිණි නෞකා 14 ක් පමණ වරායට ඇතුලුවීම ප්‍රමාදවී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් වරායෙන් පිටත දින කිහිපයක් නැංගුරම් ලා ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී ඊයේ (12) සඳහන් කළේ මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් නෞකා 25ක වරාය පිටත සීමාවේ නැංගුරම් ලා ඇති බවයි.

ඒවායේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවතින බවද ඔහු කියා සිටියා.

අප මේ පිළිබඳව වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ  කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහය ලබාගැනීමට විශ්‍රාමික සේවකයන් සේවයට කැඳවා ඇති බවයි.

කොළඹ වරායේ සේවය කරන බහුතර සේවක පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වන අතර, සැළකිය යුතු පිරිසකට කොරෝනා ආසාදනය වී හෝ නිරෝධායනයට ලක් කර ඇති බවයි වර්තාවන්නේ.

කොරෝනා ආසාදනය වූවන් අතරට ගැන්ට්‍රි දොඹකර හසුරුවන සේවකයින් පිරිසක්ද ඇතුළත්.

තවත් පිරිසක් කොළඹ නගර සීමාවේ හුදකලා කරන ලද ප්‍රදේශවල සිටීම හේතුවෙන් ඔවුන් සේවා කටයුතු සඳහා ගෙන්වාගැනීමේ අවදානමත් සමඟ ගැටළුකාරී තත්වයක් උද්ගත වී ඇති බවයි වරාය සභාපතිවරයා සඳහන් කළේ.

Be the first to comment on "කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික සේවකයන්"

Leave a comment

Your email address will not be published.


*