එක රටක් එක නීතියක් ක්‍රියාත්මකද? – එක්සත් සංවර්ධන පෙරමුණේ කැඳවුම්කරු ජනක රණවක අසයි

කොවිඩ් 19 වසංගතය එක ජාතියකට හෝ ඒක ආගමකට සිමා වුන වසංගතයක් නොවන අතර මෙම වෛරසය සැමදාම අලුත්වෙමින් මතුවෙමින් සියළු ජනතාවට දැඩි අවදානම් තත්වයක් උදාකරමින් සිටින අවස්ථාවක් බව බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් සංවර්ධන පෙරමුණ කැඳවුම්කරු ජනක රණවක මහතා ප්‍රකාශ කර සිටිනවා.

එවැනි තත්වයකදි විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අවවාද පිළිගනිමින් මෙම රෝගීන්ගේ මරණ භූමිදානයට අවසර නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

කොවිඩ් 19 මරණ භූමිදානය සිදු වුවහොත් මෙම වෛරසය භූගත ජලයට මිශ්‍ර වි ගංගා ඇල දොල වලට මිශ්‍ර විම තුලින් දැඩි අවදානම් තත්වයක් ඇතිවිම වැලැක්විය නොහැක. මෙපමන කලක්‌ කොවිඩ් 19 මරණ ආදාහනය දැඩි ප්‍රශ්නයක් නොවුන අතර මෙම උවමනාව සමහරුන්ගේ ජාතිවාදි මතය අන්තවාදය කරා ගෙන යෑමටයි.

එම නිසා රජයේ ඉන්න සමහර ඇමතිවරුන්ට හෝ සමහර අන්තවාදී සංවිධාන වල උවමනාවක් මත තිරණ ගැනිමෙන් සිදුවන්නේ මළ සිරුරක් නිසා ජිවත් වන සියළු අය අවදානමකට ලක්‌ කිරිමක් බව එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

රජය විසින් මෙම අවස්ථාවේදි කල යුත්තේ Covid 19 නිසා දැඩි ආර්ථික අපහසුවට පත්ව ඇති සිංහල දෙමළ මුස්ලිම් ජනතාව බඩගින්න නිසා මිය යෑමට ප්‍රථම ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට සුදුසු ක්‍රියාමාර්ග ගැනිම වඩාත් යෝග්‍ය වන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් සංවර්ධන පෙරමුණ කැඳවුම්කරු ජනක රණවක මහතා ප්‍රකාශ කරනවා.

Be the first to comment on "එක රටක් එක නීතියක් ක්‍රියාත්මකද? – එක්සත් සංවර්ධන පෙරමුණේ කැඳවුම්කරු ජනක රණවක අසයි"

Leave a comment

Your email address will not be published.


*