විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

A general view of the Sri Lanka parliament building in Colombo on November 10, 2018. - Sri Lanka will hold a snap election in January, the country's president announced November 9, 2018 hours after dissolving parliament when it became clear his prime minister nominee did not have a majority. (Photo by ISHARA S. KODIKARA / AFP) (Photo credit should read ISHARA S. KODIKARA/AFP via Getty Images)

මේ වසරේ වියදම් පියවීම සඳහා රජය ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මෙහිදී විපක්ෂය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේ නැහැ.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද සිය විරෝධතාව සටහන් කර ගන්නා ලෙස කථානායකවරයාට දැනුම් දුන්නා.

විසර්ජන පනත් කෙටුම්පත පිළිබද රජයේ ප්‍රකාශය මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින්.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මේ දක්වා රුපියල් මිලියන 70,000ක මුදලක් රජය විසින් වියදම් කර ඇති බවයි.

මේ අතර, ලබන වසර සඳහා වන අයවැය ලේඛනය එළඹෙන 17 වන දා පස්වරුවේ මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Be the first to comment on "විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි"

Leave a comment

Your email address will not be published.


*