තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින්   ආසාදිතයෙකු

තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් ද  ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ සෙසු ආශ්‍රිතයන් නවාතැන් ගෙන සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් තුල්හිරියේ සිට කන්දේඇලගම දක්වා ප්‍රදේශයේ සංචරණය සීමා කිරීමටයි වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කළේ.

මේ අතර, විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි කොවිඩ් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් කන්දීපන් බාලා සඳහන් කළේ ඉන් මරණ අසුවක්ම මැද පෙරදිග රටවලින් වාර්තා වන බවයි.

සෞදි අරාබියේ ලාංකිකයන් 34 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, කුවේටයේ මිය ගොස් ඇති ලාංකිකයන් සංඛ්‍යාව 21ක්.

Be the first to comment on "තුල්හිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින්   ආසාදිතයෙකු"

Leave a comment

Your email address will not be published.


*