රටට අහිතකර ගිවිසුම් එපා – මන්ත්‍රීවරුන්ටත් එක්සත් සංවර්ධන පෙරමුණෙන් පණිවිඩයක්

රටට හානිදායක MCC, SOFA හෝ ඊට සමාන කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් සංවර්ධන පෙරමුණේ කැඳවූම්කරු ජනක රණවක මහතා පවසනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් තම තනතුරට වඩා රට ගැන සිතා කටයුතු කරන ලෙස තවදුරටත් ඉල්ලා සිටින බව ද ජනක රණවක මහතා සඳහන් කරනවා.

“ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට පැමිණීමත් සමග ඉහල බුද්ධි ජාලයක් ඇති චීනය ඇමරිකාවට පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සමග තම රට ඇති මිත්‍රත්වයට බධාවක් ඇති නොකරන ලෙසයි. මේ ප්‍රකාශය තුල ගැබ්ව ඇත්තේ වර්තමාන ඇමරිකානු MCC අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිගේ පැමිණිම තුලින් අප රට ලෝක බලවතුන්ගේ බල අරගලයේ ගොදුරක් වේද යන්නයි.

එලෙසම Covid-19 ඉතාමත් අවදානම් තත්වයක් අප රට තුල නිර්මාණය වි ඇති මොහොතක ඇඟලුම් සේවක සේවිකාවන්, ස්වයං රැකියාවල නියතලුවන් ඇතුලු ජනතාවට අත්‍යවශ්‍ය අහාර පවා සපයා ගැනිම ඉතා දුෂ්කර වි ඇති බැවින් එ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ” යනුවෙන් එක්සත් සංවර්ධන පෙරමුණේ කැඳවූම්කරු ජනක රණවක මහතා වැඩිදුරත් කියා සිටියා.

Be the first to comment on "රටට අහිතකර ගිවිසුම් එපා – මන්ත්‍රීවරුන්ටත් එක්සත් සංවර්ධන පෙරමුණෙන් පණිවිඩයක්"

Leave a comment

Your email address will not be published.


*