කඩුවෙල කොරෝනා ආසාදිතයන් 32 ක්

Blood sample tube positive with COVID-19 or novel coronavirus 2019 found in Wuhan, China

කඩුවෙල බල ප්‍රදේශයේ ඊයේ (26දා) වන විට කොරෝනා ආසාදිතයන් 32 වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 19ක් සහ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 13ක් මෙලෙස ආසාදිතයන් බවට තහවුරු වී ඇත.

කඩුවෙල, සමගිපුර, හෝකන්දර උතුර / නැගෙනහිර කොරතොට, පහළ බෝමිරිය, ඉහළ බෝමිරිය, නවගමුව රණාල, වැලිවිට, හෝමාගම යන ප්‍රදේශයන්ගෙන් රෝගීන් 19 වාර්තා වී ඇත. බත්තරමුල්ල කලපළුවාව, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර යන ප්‍රදේශ තුළින් රෝගීන් 13ක් වාර්තා වූ බවත් පැවසේ.

මේ අනුව එම රෝගීන් ආශ්‍රිත පවුල් එකක 332ක් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබේ.

Be the first to comment on "කඩුවෙල කොරෝනා ආසාදිතයන් 32 ක්"

Leave a comment

Your email address will not be published.


*