සඳෙහි නිසැකවම ජලය පවතින බව තහවුරු වේ

 

සඳෙහි නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇතැයි අමෙරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

ඒ, සඳ පිළිබඳ දිරිගන්වන සුළු සොයා ගැනීමක් හෙළිදරව් කරන බවට මීට දින කිහිපයකට පෙර ඉඟි කිරීමෙන් අනතුරුවයි.

සඳ මතුපිට චන්ද්‍ර ආවාට තුළ අණුක ජලය පවතින බවට මීට පෙර අනාවරණ වී තිබුණා.

නව සොයා ගැනීම වන්නේ සඳ මතුපිටද එලෙස අණුක ජලය සහිත කලාප පවතින බවයි.

මෙම සොයා ගැනීම නාසා ආයතනයේ ගොඩාඞ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණා.

මෙය සඳ මතුපිට ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා විශේෂයෙන් වැදගත් වන සොයා ගැනීමක් ලෙසයි සැලකෙන්නේ.

Be the first to comment on "සඳෙහි නිසැකවම ජලය පවතින බව තහවුරු වේ"

Leave a comment

Your email address will not be published.


*