පාන් පිටි අස්සේ සඟවා මෙරටට රැගෙන ආ කහ කුඩු කිලෝග්‍රෑම් 5000ක් හසුවේ

පාන් පිටි තොගයක් සමග සඟවා මෙරටට රැගෙන ආ කහ කුඩු කිලෝග්‍රෑම් 5000ක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබේ. කිලෝග්‍රෑම් 25 ඇසුරුම් 200ක බහා තිබූ මෙම කහ තොගය ඉන්දියාවේ ගුජරාටයේ සිට මෙරටට ගෙන්වා ඇත.

පාන් පිටි කිලෝග්‍රෑම් 12500ක් රැගෙන ආ කන්ටේනරයක මෙම කහ කුඩු සඟවා තිබූ බව ශ්‍රී ලංකා රේගුව පවසයි. කහ කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට අධික වෙයි.

මෙම කහ කුඩු මෙරටට රැගෙනවිත් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පරීක්ෂණවලින් අනාවරණය වෙයි. කහ කුඩු කිලෝ ග්‍රෑමයක් ආනයනය කිරීමේ දී මිල වන්නේ රුපියල් 400කි. කහ ආනයනය කිරීම රජය විසින් මේ වන විට තහනම් කර ඇත. එහෙත් නීති විරෝධී ලෙස මෙලෙස කහ ආනයනය කිරීමෙන් පසු දේශීය වෙළෙඳපොළේ රුපියල් 3000කට පමණ කිලෝ ග්‍රෑමයක් අලෙවි වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කහ තොග 2021 වසරේ ජනවාරි මස වෙළෙඳපොළට ලැබීමට නියමිතව ඇත.

Be the first to comment on "පාන් පිටි අස්සේ සඟවා මෙරටට රැගෙන ආ කහ කුඩු කිලෝග්‍රෑම් 5000ක් හසුවේ"

Leave a comment

Your email address will not be published.


*