ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ එක් පක්ෂයක් වී එහි නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.
ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද සුදුසු තනතුරක් ඉදිරියේදී ලබා දෙනු ඇති බවයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ වර්තමාන කාර්ය භාරය පිළිබදව ද කොලොන්නේ පැවති ජනහමුවකින් පසු අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා.
එහිදී සඳහන් කළේ “හිටපු ජනාධිපතිනිය දැන් අවලංගු කාසියක්…දේශපාලනයේ. එතුමිය සිය සතුරන්ගේ ඔත්තුකාරියක්. ඒ නිසා එතුමියගේ වචනයට දැන් අපි ගාව ඉඩක් නෑ. එතුමියගෙන් ලබා ගන්න පුළුවන් කෙහෙල්මල් සහයක් අපිට නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන අපිම බලා ගන්නම්.” යනුවෙනි.
බොහෝ ජනතාව මුහුණ දෙන ඉඩම් ගැටළුවකටද ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විසදුම් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.
ගම්මිරිස් සදහා ඉදිරියේදී ගොවියාට සතුටු විය හැකි මිලක් ලැබුනු ඇතැයිද අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙහිදී වැඩිදුරටත් කියාසිටියා
Be the first to comment on "ශ්රීලනිපය සහ පොහොට්ටුව එක් කර නායකයා මහින්ද කරන්න යෝජනාවක්"