තව්හිත් ජමාත් නායකයාගේ රියදුරු හසුවේ – අනාවරණය නොවූ තවත් ඝාතන හෙළි කරයි

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකරන ලද තව්හිත් ජමාත් සංවිධානයේ නායකයා වන සහරාන් හෂිම්ගේ රියදුරා කාත්තන්කුඩි ප්‍රදේශයේදි ඊයේ (27) ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි සිදුකරන ලද ප්‍රශ්න කිරිම් වලදි මෙම සැකකරු හෙළිදරව් කර ඇත්තේ ඉකුත් වසරේ නොවැම්බර් මස 30 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදි මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක රාත්‍රි සේවාමුරයේ සිටි සිංහල සහ දමිළ පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කරන ලද්දේ සහරාන් හෂිම්ගේ අනුගාමිකයින් දෙදෙනෙක් බවයි.

එය ශ්‍රි ලංකාව තුල සහරාන් හෂිම්ගේ නායකත්වයෙන් යුත් තව්හිත් ජමාත් සංවිධානයේ පළමු ප්‍රහාරය බව මෙහිදි ඔහු හෙළිකර සිටිය බවයි වාර්තා වන්නේ.

මේ වන විට අත් අඩංගුවේ පසුවන සැකකරුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරිම් සිදුකරමින් පවතිනවා.

Be the first to comment on "තව්හිත් ජමාත් නායකයාගේ රියදුරු හසුවේ – අනාවරණය නොවූ තවත් ඝාතන හෙළි කරයි"

Leave a comment

Your email address will not be published.


*