අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී පොලිසිය සහ හමුදාවට එරෙහිව ඇතිවූ ගැටුමින් පසු පුපුරවා ගැනීම් 03ක් සිදුවූ අතර එම පුපුරවාගැනීම්වලින් දිවි නසාගත්තේ යැයි සැකකෙරෙන 15 දෙනෙකුගේ මළසිරුරු අද (27) උදෑසන සොයාගත්තා.
මියගිය අය අතර පිරිමි 6 දෙනෙක්, කාන්තාවෝ තිදෙනෙක් සහ ළමෝ 6 දෙනෙක් ද සිටිනවා.
ගැටුමින් සහ පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු අම්පාර රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසනවා..
සයින්දමර්දු ප්‍රදේශයට ඊයේ (26) රාත්‍රී පනවන ලද ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක වන අතර යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව සොදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.
In Middle East no (Isis) , now days in Srilanka there were (isis) , what Srilanka government going to do,? Stop ✋ this or not,