ජංගම දුරකථනයෙන් ළමා ගීත පෙන්නා ‘දැරියක් බිලිගත්’ ඇඳ යට සිටි පන්නල සැකකරු

හොර රහසේ පන්නල බම්මන්න ප්‍රදේශයේ නිවසකට රිංගා ඇඳ යට නිරුවතින් සිට පසුව ඒ අසලට පැමිණ තිබූ වයස අවුරුදු 11 දැරියකට බරපතල ලිංගික අතවර කළ බව කියන වයස අවුරුදු 33 සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පන්නල පොලිසියට ඊයේ(02) හැකිව ඇත.

සැකකරු කටුගම්පල ප්‍රදේශයේ වත්තක එළදෙනුන්ගේ කිරිදොවමින් සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබූ අතර වින්ධිත දැරියගේ මව ඇගලූම් සේවිකාවක්ද පියා වඩුකාර්මිකයෙකුද වන නිසා දැරිය ඥාති නිවෙස්වල රඳවාගොස් සිටියදී සැකකරු විසින් දැරියට එසේ අතවරකර තිබිණ.

පොලිසිය විමර්ශනයේදීද සිද්ධියට සතියකට පමණ පෙර සැකකරු අදාළ නිවසට පැමිණ සැකකරුට අයත් ජංගම දුරකථනයෙන් ළමා ගීත පෙන්වමින් අනවශය ලෙස ස්පර්ෂ කිරීම නිසා අදාළ ස්ථානයෙන් පලාගොස් ඇත.

සිද්ධියට සතියකට පමණ පෙර සැකකරු අදාළ නිවසට පැමිණ සැකකරුට අයත් ජංගම දුරකථනයෙන් ළමා ගීත පෙන්වමින් අනවශය ලෙස ස්පර්ෂ කිරීම නිසා මෙම දැරිය අදාළ ස්ථානයෙන් පලාගොස් ඇත.

සිද්ධිය වූ බැව් කියන දිනයේද ඇඳ යට සිට පැමිණ අපයෝජනය කරමින් සිටියදී දැරියගේ ලොකුඅම්මා දැරියට දිවා ආහාරය ගන්න පැමිණෙන ලෙසට හඬ නගා කථාකර තිබුණත් සැකකරු දැරියට පිහියක් පෙන්වා මේ පිළිබදව කිසිවෙකුටත් නොපවසන ලෙසත් බියවී ඇත්තේ මන්දැයි ඇසුවහොත් ඇඳ යට බල්ලෙකු සිටිබව දැකීමෙන් යැයි පවසන ලෙසත් බලකර තිබිණ.

කුලියාපිටිය කොට්ඨාසබාර පොලිස් අධිකාරී ඔශාන් හේවාවිතාරණ, සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර, පන්නල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක‍ෂක කුමාරදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ වැඩබලන ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් සංජීවනී ළමාහේවා(6019), මධුසංඛ(66086) යන නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

Be the first to comment on "ජංගම දුරකථනයෙන් ළමා ගීත පෙන්නා ‘දැරියක් බිලිගත්’ ඇඳ යට සිටි පන්නල සැකකරු"

Leave a comment

Your email address will not be published.


*