සුප්‍රසිද්ධ ලේෂාන් බුුදු පිළිමයේ පාමුල දක්වා ජල මට්ටම ඉහළ නැගේ

චීනයට නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, යැංට්ස් ගංගාව පිටාර ගැලීමට පටන්ගෙන ඇති අතර, සිචුවාන් පළාතේ පිහිටි සුප්‍රසිද්ධ ලේෂාන් බුුදු පිළිමයේ පාමුල දක්වා ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් පැවැසෙනවා.

ලොව පුරා බෞද්ධ වැසියන්ගේ ගෞරවාදරයට පත් මෙම යෝධ බුදු පිළිමය, යුනෙක්සෝ ලෝක උරුමයකි. යෝධ පිළිමය නෙලා ඇත්තේ වසර 1,200 කට පෙරය. ඒ, එමෙයි නමැති කදු වැටියට අයත් ගල් වැටියේය. බුදු පිළිමය අඩි 233 ක් (මීටර් 71) උසයි.

පිළිමය ඉදිකර ඇත්තේ යැංට්සි ගංගාවට වඩා ඉහළිනි. එය නැරඹීමට සංචාරකයන් පැමිණියේ බෝට්ටුවලිනි. පිළිමය පාලුම සම්පූර්ණයෙන් යටවී ඇති බැවින්, සංචාරක කටයුතු මුළුමනින්ම ඇණහිට තිබේ. යැංට්සි ගංගාව මේ අයුරින් පිටාර ගැලීම සිදුවූයේ වසර ගණනාවකට පසුවයි.

මීට පෙර යැංට්සි ගංගාව උතුරා බුදු පිළිමයේ පාද තෙක් ගංගාවේ ජලය පිටාර ගලා ඇත්තේ 1949 වසරෙන් පසුව යැයි චීන පුවත් සේවා වාර්තා කර තිබෙනවා.

ජල ගැලීම් හේතුවෙන් යැංට්සි ගංගාව අවට ජීවත් වූ ලක්ෂයකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවත්, ඔවුන්ගේ නිවාස සහ වගාබිම් සියල්ල මුළුමනින්ම යටවී ගොස් ඇති බවත් වාර්තා වනවා.

Be the first to comment on "සුප්‍රසිද්ධ ලේෂාන් බුුදු පිළිමයේ පාමුල දක්වා ජල මට්ටම ඉහළ නැගේ"

Leave a comment

Your email address will not be published.


*