කොරෝනා එන්නත අප්‍රේල් එනවා

ඇමෙරිකා රජය මැදිහත් වී නිපදවන, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වන එන්නත, ලබන අප්‍රේල් මාසයේ කරළියට පැමිණෙනු ඇති බව ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි පවසනවා.

ඇමෙරිකානු රජයේ අනුග්‍රහය යටතේ, ඇමෙරිකාව තුළත් ඇමෙරිකාවෙන් පිට විදේශවලත්, ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහිව එන්නත් කීපයක් නිර්මාණය කෙරෙමින් පවතී. එම එන්නත් සාර්ථක බවත් අවසන් අදියරේ සායනික පරීක්ෂණ මේ වනවිට සිදු කරමින් පවතින බවත් පැවැසෙනවා.

කොරෝනා එන්නත ඇමෙරිකානුවන් සඳහා සූදානම් වුවත්, එය ලබා ගන්නැයි ඇමෙරිකානුවන් කිසිවකුට බල නොකරන බවත් වෛද්‍ය ඇන්තනි ෆවුචි මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

Be the first to comment on "කොරෝනා එන්නත අප්‍රේල් එනවා"

Leave a comment

Your email address will not be published.


*