මහාචාර්ය චන්න ජයසුමන මහතා අද ලෙනින්ගේ නිවසට

අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහල මඟින් නිකුත් කළ ඖෂධ පානය කිරීමෙන් 16 හැවිරිදි දරුවෙකුගේ පෙනීම අහිමි වූ පුවතක් වාර්තා කළා.

එම අනාවරණයෙන් පසු අද එම දරුවාගේ සුවදුක් බැලීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ සිද්ධිය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි.

ගම්පහ – කල්එළිය – වැවහේනවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ලෙනින් නිරෝෂන් පිළිබඳව තොරතුරු වාර්තා කළා.

අපස්මාරය රෝගයෙන් පෙළෙන ඔහු පසුගිය වසරේ සිට මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, කොඩිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමඟ අප්‍රේල් මාසය සඳහා වන ඖෂධ ඔහුගේ නිවසට ලැබී තිබුණේ තැපැල් මාර්ගයෙන්.

එම ඖෂධ භාවිත කිරීමත් සමඟ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි ලෙනින්ගේ පෙනීම අහිමි වී තිබෙනවා.

මව්පියන් සඳහන් කළේ, තැපෑලෙන් ලැබුණු ඖෂධ සහ පෙර භාවිත කළ ඖෂධ අතර වෙනසක් පැවති බවයි.

මෙම සිද්ධිය පිළිබඳව මීරිගම මූලික රෝහල මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද ලෙනින්ගේ නිවසට පැමිණ තත්ත්වය පිළිබඳ සොයා බැලුවා

Be the first to comment on "මහාචාර්ය චන්න ජයසුමන මහතා අද ලෙනින්ගේ නිවසට"

Leave a comment

Your email address will not be published.


*