හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමග 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

දෙවිනුවර ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයෙකු ගන්දර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් එකයි මිලිග‍්‍රෑම් 50 ක්, හෂීස් ග‍්‍රෑම් 15 ක්, ගංජා ග‍්‍රෑම් 85 ක් සහ මත්පෙති 15 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර පදිංචි වයස අවුරුදු 23 ක් වන තරුණයෙක්.

ගන්දර පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Be the first to comment on "හෙරොයින්, හෂීස්, ගංජා සහ මත්පෙති සමග 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට"

Leave a comment

Your email address will not be published.


*