ශීතකල ආහාර මත කොරෝනා වෛරසය

චීනයේ නගර දෙකක් වෙත ආනයනය කරන ලද ශිතකළ ආහාර ද්‍රව්‍ය මත තිබී නව කොරෝනා වෛරසය හමුවූ බව එරට බලධාරින් සඳහන් කර සිටිනවා.

බ්‍රසීලයේ සිට ආනයනය කරන ලද ශීත කළ කුකුළු මස් වල හා ඉක්වදෝරයෙන් ආනයනය කළ ශීත කළ ඉස්සන් ඇසුරුම් පරීක්ෂා කිරීමේදී ද මෙලෙසකොරෝනා වෛරසය සොයා ගත් බවයි චීනය සඳහන් කළේ.

චීනයේ දේශීය රෝග පාලන මධ්‍යස්ථානය විසින් එම ආහාර තොගයෙන් ගෙන් ලබාගත් මතුපිට සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු කර ගෙන ඇත.

ආහාර සුරක්ෂිතතා අවදානම තක්සේරු කිරීමේ චීන ජාතික මධ්‍යස්ථානය පසුගිය ජුනි මාසයේදි කියා සිටියේ ශීතකළ ආහාර මගින් වෛරසය ආසාදනය වීමේ හැකියාව බැහැර කළ නොහැකි බවයි.

 

Be the first to comment on "ශීතකල ආහාර මත කොරෝනා වෛරසය"

Leave a comment

Your email address will not be published.


*