“ස්තූතියි කුලියාපිටිය”- කුලියාපිටියේ ජන ගඟට හද පිරි ප්‍රණාමය

කුලියාපිටිය නගරයේ දී පසුගිය දා (12) පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කරනු ලැබූ ජන රැළිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව තිබෙනවා.

කුලියාපිටිය නගරයේ පැවැති රැස්වීමකට මෑත කාලයේ සහභාගී වූ විශාලතම ජනකාය ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

මෙම රැළියට පැමිණි විශාල ජනකාය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම ජන රැළියේ ජනතාව දැකීමෙන් කුලියාපිටියේ ජයග්‍රහණය සහතික බව තමන්ට විශ්වාස බවයි.

පසුව සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ ‘ස්තූතියි කුලියාපිටිය’ යනුවෙන් විශේෂ සටහනක් ද තබා තිබෙනවා.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද ෆේස්බුක් සටහනක් තබමින් ‘මවුබිම වෙනුවෙන් පොදුජන යුගයක් ගොඩනගන්නට කුලියාපිටියට රොද බැඳි ආදරණිය මිනිසුනේ ඔබට මගේ ස්තුතිය” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

Be the first to comment on "“ස්තූතියි කුලියාපිටිය”- කුලියාපිටියේ ජන ගඟට හද පිරි ප්‍රණාමය"

Leave a comment

Your email address will not be published.


*