ගෝඨාගේ රැස්වීමට එන්න බෑ කී හිමි නම මරා දමනවාලු

හිමි නමකට බැණ තර්ජනය කොට මරණ තර්ජණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමරවික්‍රම (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වූ දේශපාලන රැළියකට සහභාගිවීමට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අරලගංවිල, සුරියදේව රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කිඹුල්වලානේ සීලානන්ද හිමියන්ට සැකකාර හිටපු සභාපතිවරයා විසින් බැණ තර්ජණය කොට මරණ තර්ජණය සිදුකළ බවට ලද පැමිණිලක් අනුව අරලගංවිල පොලිසිය විසින් සිදුකළ විමර්ශනයකට අනුව ඔහුව අද (08) දිනයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුව දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Be the first to comment on "ගෝඨාගේ රැස්වීමට එන්න බෑ කී හිමි නම මරා දමනවාලු"

Leave a comment

Your email address will not be published.


*