කෑගල්ලේ පොහොට්ටු රැස්වීම අවසානයේ තරුණියක දුෂණය කරයි – රැගෙන ගිය අතරේ බසයෙන් බස්වා දුෂණය කරලා

කෑගල්ල ප්‍රදේශයේ පැවති පොදුජන පෙරමුණේ දේශපාලන රැළියකට සහභාගි වී බස් රථයකින් ආපසු යමින් සිටි තරුණියකට, ඔවුන් සමග සිටි තරුණයෙකු ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙම්මාතගම පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර සිටිනවා.

එම තරුණියගේ පියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ෂණය ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

තම බිරිඳ සමග රැළියට සහභාගිවීම සඳහා ගිය සිය දියණිය රාත්‍රීය වන තෙක් නිවසට නොපැමිණි බව තරුණියගේ පියා විසින් හෙම්මාතගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා. බිරිඳ සහ දියණිය මන්ද මානසික තත්ත්වයෙන් පසුවන බව ද පියාගේ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ.

පසුව කළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයෙන් රැළියට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි තරුණයෙකු මෙම තරුණිය හෙම්මාතගම, අල්පිටිය, බලවත්ගම කැලෑබද ස්ථානයකදී බස් රථයෙන් පිටතට රැගෙන ගොස් ඇති බවයි.

සැකකාර තරුණයා එම ස්ථානයේදී තරුණියට ලිංගික අතවර සිදුකර ඇතැයි පොලීසියට ප්‍රකාශ කර ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට හඳුනාගෙන ඇති අතර සිද්ධිය ගැන හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

Be the first to comment on "කෑගල්ලේ පොහොට්ටු රැස්වීම අවසානයේ තරුණියක දුෂණය කරයි – රැගෙන ගිය අතරේ බසයෙන් බස්වා දුෂණය කරලා"

Leave a comment

Your email address will not be published.


*