ආන්දෝලනාත්මක පෑඩ් මෑන් අද ITN නාලිකාවෙන්

ලංකාවේ පුරා දේශපාලන වේදිකාවේ ආන්දෝලනයකට තුඩු දුන් නමක් වුනෙ “Pad Man” නම. සජිත් ප්‍රේමදාස මහතා දුප්පත් අසරණ කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදීමට වු පොරොන්දුවත් සමග විපක්ෂය විසින් ඔහුට PAD MAN නම පටබැන්දා. ඇත්තටම කව්ද මේ PAD MAN?

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ව්‍යපාරිකයෙක් වුන අරුණාචලම් මුරුගනාන්තම්ට තමයි PAD MAN කියන්නේ. ඉතින් ලංකාවේ වගේම ඉන්දියාවෙත් 30%ක් වගේ ප්‍රමාණයක් තමයි සනිපාරක්ෂක තුවා භාවිතා කරන්නේ. එකත් නගරබද වාසය කරන කාන්තාවන් විතයි. ග්‍රාමීය කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා මිලට ගන්න ආර්ථික ශක්තියක් තිබුනේ නැ. තමන්ගේ බිරිද ඔසප් සමයේ විදින දුක් ගැටලු ගැන දුක් වුන අරුණාචලම් තීරණය කලා අඩු මිලට සනීපාරක්ෂක තුවා හදන්න පුලුවන් යන්ත්‍රයක් හදන්න.

ඒක හිතන තරම් ලේසි වුනේ නැ. ලංකාවේ වගේම ඉන්දියාවේ මිනිස්සුත් අරුණාචලම්ට අපහාස කරන්න පටන්ගත්තා. නමුත් උත්සහය ධෛර්ය ශක්තිය නිසාම අරුණාචලම්ට පුලුවන් වුනා අඩු මිලට සනීපාරක්ෂක තුවා හදන ක්‍රමයක් හොයාගන්න. අද අරුණාචලම්ගේ ව්‍යාපාරය ඉන්දියාවේ ප්‍රාන්ත 23ක පැතිරිලා තියෙනවා. ඉන්දියාවේ කාන්තාවන්ගෙන් 60%ක් පමණ දැන් සනීපාරක්ෂක තුවා පාවිච්චි කරනවා. අද ITN නාලිකාවෙන් PAD MAN චිත්‍රපටිය රැ 10.30ට පෙන්වනවා. බලන්න වටින කතාවක්..

Be the first to comment on "ආන්දෝලනාත්මක පෑඩ් මෑන් අද ITN නාලිකාවෙන්"

Leave a comment

Your email address will not be published.


*