කෝට්ටේ නිදහස් පක්ෂ බළ මණ්ඩලයේ සහාය ගෝඨාභයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ බළමණ්ඩලය ඊයේ (30) පැවැත්වුණා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර , එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර සහ කෝට්ටේ සංවිධායක සහ ජනාධිපතිතුමන්ගේ පුද්ගලික ලේකම් ජනක රණවක යන මහත්වරුන්ගේ  සහභාගීත්වයෙන්.

මෙහිදී බළමණ්ඩලය අමතමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේ ඉදිරි ජනාධිපතිවරණය රටේ තීරණාත්මක අවස්ථාවක් වන බවයි.

කෝට්ටේ සංවිධායක ජනක රණවක මහතා මෙහිදී කියා සිටියේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ඉදිරි මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබල පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කෝට්ටේ ජනතාව  කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළා.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  මේ වන විට රටේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක  නිරත වන බවද ඔහු සඳහන් කර සිටියා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ බළමණ්ඩලයේ විශාල පිරිසක් එක්ව සිටියා

 

 

 

 

 

Be the first to comment on "කෝට්ටේ නිදහස් පක්ෂ බළ මණ්ඩලයේ සහාය ගෝඨාභයට"

Leave a comment

Your email address will not be published.


*