අධිකරණයට දේශපාලන බලපෑම් කරා නම් ගෝටා මේ වන විටත් හිරේය

දිල්රුක්ෂිගෙන් පටන්ගෙන් සුහද ගම්ලත්ගෙන්ද, විද්‍යාල ංකාරගෙන්ද නොනැවතී නීතිය, ¥ෂණ වංචා හා ඒ හා සම්බන්ධ විවිධ ආයතනයන්හි සේවයක කළ රාජපක්ෂලාගේ මුදල් හමුවේ බලූ කුක්කන් වී ඇති නොමිනිස්සුන් දැන් කතා කරන්නේ කටින්දැයි අධෝ මුඛයෙන්දැයි බොහෝ දෙනාට ගැටලූවකි.
රාජපක්ෂලාගේ මුදලට ගිජු කමින් ඔවුන් දැන් කියන්නේ රාජපක්ෂලාට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් වත්මන් රජයේ අමාත්‍යවරුන් තමන්ට බලපෑම් කළ බවය’‘ ඊට විවිධ බොරු සාක්ෂිච ඔවුන් ඉදිරිපත් කරන්නේ රාජපක්ෂලාගේ කීමට අනුව බව දන්නේා් හොදින්ම දනිති.
මැති ඇමතිලාට රාජපක්ෂලා හිරේට දැමීමට අවශ්‍ය වුවා නම් තමන්ගේ හිත මිතුරන් ඒ ඒ ආයතනයන් වෙත සම්බන්ධ කර ගනිමින් තමන්ට කැමති පරිදි නීතිය මෙහෙයවන්නටත් අධිකරණ තීන්දු ගන්නටත් ඕනෑ තරම් ඉඩ තිබුණි’‘ එහෙත් ඔවුන් එය එසේ නොකළේ රාජපක්ෂලාගේ සමයේ මෙන් නීතිය තව දුරටත් මේ රටතුළ අපහසුතාවයට පත් කරන්නට ඔවුන් අකමැති වූ හෙයිනි’‘ ඊටත් වඩා නීතියේ සාධාරණත්වය සුරකින් බවට ජනතාවට පොරොන්දු වූ බැවිනි.
නීතිය කාටත් සාධාරණව ක‍්‍රියාත්මක වනු පසුගිය සමය පුරා හොදින්ම දක්නට ලැබුණු කරුනුය.
ජෙනරල් ෆොන්සේකා හිර ගත කළේද අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සධූරයෙන් පහ කළේද මහින්දලාට ඕනේ ලෙස අධිකරණ තීන්දු ලබා දෙමිනි. වත්මන් ආණුඩුවේ කිසිවකු එසේ කළේ නැත’‘ එසේ කළා නම් දැනටමත් නඩු 7ක් තිබෙන ගෝටාභයත්” බැසිලූත්, නාමුල්ත්, ශිරන්තිත් සියුල දෙනා මේ වේද්දිත් හිරේය. වැරැුද්ද ඔවුන් හිරේ නොදැමීමය.
ඔවුන් සිදු කළ අපරාධයන් කිසි දිනෙක වසන් කළ නොහැක’‘ හෙට දිනයේද බලයට පැමිණිය හොත් ඔවුන් මෙවන් අපරාධ නොකරනු ඇතැයි කිසිවකුට කිව නොහැකිය’. ඒ මන්ද යත් ඔවුන්ගේ අතීතය එතරම් අ`දුරු බැවිනි. හෙට දිනයේ රාජපක්ෂ නීතියට හසුවන්නේ ඔබගේ සැමියා, බිරිද, පුතා හෝ දුව වන්නට පුලූවනි’‘ එහෙයින් ඒ බීතිය පරාජය කළ යුතු නොවේද ?

ඔන්න අපි හංසයා දිනවමු

Be the first to comment on "අධිකරණයට දේශපාලන බලපෑම් කරා නම් ගෝටා මේ වන විටත් හිරේය"

Leave a comment

Your email address will not be published.


*