මේක පොඩි කතන්දරයක් . ඒ කතන්දරේ ඇතුළේ ගොඩක් දේවල් තියෙන්නත් පුලූවන් නොතියෙන්නත් පුලූවන්. කියවලාම බලන්න

ඔන්න එකමත් එක කාලෙක ගමරාළ කෙනෙකුයි එයාගෙ හාමිනෙයි ඈත ගමක ජීවත් වුණාලූ. මේ ගමරාළ ඉතින් ගොවිතැන් කරන ගමන්නම පොඩි කුකුල් ගොවිපළකුත් කරගෙන ගියාලූ. කුකුල් ගොවිපළේ ආරක්ෂාව භාර අරන් තිබුණෙ ගෙදර හිටපු බල්ල වුණාට ඌ ඒක ඒතරම් බරපතල විදියට ගත්තෙ නෑ. ඒක හින්ද කැලේ හිටිය කල වැද්දෙක් හොරෙන් හොරෙන් කුකුල් කූඩුවට පැනලා කුකුල්ලූ කන්න පටන් ගත්තා. කුකුල්ලූ ටික ටික අඩු වෙද්දි ගමරාළට ගොඩක් පාඩු වුණා. ගෙදර බල්ලා මේ වැඬේ හරියට කරන්නේ නැති තැන විසදුමක් කල්පනා කර කර හිටිය ගමරාල ළ`ගට ආවෙ නරියෙක්. ගමරාල තමන්ට වෙලා තියෙන දේ නරියට කිව්වා. නරියා කුකුල්ලූ භාර ගන්න වැඬේ භාර ගත්තා. ඒ භාර අරන් ගමරාළගේ ගෙදරට පදිංචියට ආවා. ආවේ තනියම නෙවෙයි. වෙන ගෙදරක බල්ලෙක්වත් යාලූ කරගෙන එක්කන් ඇවිත් තිබුණා. තව නරියගෙ මල්ලි කෙනෙකුත් බල්ලෙක් වගේ වෙස් වලාගෙන ඇවිත් හිටියා. තුන් දෙනාම දැන් ගමරාළගේ ගෙදර. නරියා ගමරාළට ලොකු ටෝක් දෙන අතරේ අර යාලූ බල්ලා කල වැද්දා අල්ලලා මරලා දැම්මා. දැන් ආයේ කුකුල්ලූ ආරක්ෂා වුණා.
මේ වැඬේ කෙරුවේ තමන් කියලා නරියා සැරෙන් සැරේ ගමරාළට කිවවා. අර වෙස් වළාගෙන ආපු බල්ලත් ඊට සම්බන්ධ කර ගත්තත් ඇත්තටම වැඬේ කරපු බල්ලට කිසිම වටිනාකමක් දුන්නේ නෑ. මේක විශ්වාස කරපු ගමරාළ දිගටම කුකුල්ලූ ටික බලා ගන්න නරියටයි එයාගෙ සහෝදරයටයි දුන්නා. ගෙදර බල්ලවත් යාලූ බල්ලවත් සත පහකට ගණන් ගත්තේ නෑ.
ටිකක් කල් යද්දි නරියා දැන ගත්තා ගමරාළ හොදට ඇදලා ඉන්නේ කියලා. ගෙදර අනිත් අයත් ගමරාළගෙ ගෙන්න ගත්ත නරියා තමන් කැමති විදියට කුකුල්ලූ කන්න පටන් ගත්තා. ඒකට පවුලේ අයත් සෙට් වුණා. කුකුල්ලූ විතරක් නොවෙයි උන්ට හම්බවෙන කෑමත් කෑවා. බිත්තරයක්වත් ඉතුරු කළෙත් නෑ.ටිකක් කල් යද්දි ගමරාළට වැඬේ තේරිලා කැලේ වෙන නරියෙක් සෙට් කරගෙන අර නරියයි එයාගෙ පවුලයි එළවලා දැම්මා. ආපු අලූත් නරියා බල්ලො දෙන්නත් එක්ක සෙට් වුණා. මොකද අර නරි පවුල එලවගන්න බැරිව බල්ලො දෙන්නත් හිටියෙ හිස රදේකින්. බල්ලො දෙන්නත් වැඩ කරන්න පටන් ගත්තා. දැන් හැම දේම හොදයි. වැඬේ ගානට යනවා. ඒත් ගොඩක් වැඩ වලින් බල්ලො දෙන්නා ලකුණු දා ගන්න එක අර අලූත් නරියට දිරෙව්වෙ නෑ. එයා එතන ලොකු බල්ලත් එක්ක ඇර ගත්තා. ෂේප් එකේ ආයෙ කැලේ නරි පවුලත් එක්ක සෙට් වෙලා ගෙමක් ගහන්න ගත්තා.
ටික කාලයක් ඔහොම යද්දි නරි මල්ලිට ඕන වුණා ආපහු ගමරාළගෙ ගෙදර බලේ ගන්න. එයා මොකද කළේ දන්නවද ? කැලේ හිටපු කලවැද්දෙක් යාලූ කරගෙන එයාට කිව්වා ගමරාළගේ කුකුල් කූඩුවට පැනලා කුකුල්ලූ ගොඩක් කාලා ඒක උඹම කරා කියලා ඔප්පු වෙන්න උඹත් එතනම මැරියන් කියලා. කලවැද්දාගේ පවුලේ වගකීම් ඔක්කොම නරියා භාරගත්තා.
කලවැද්දා වැඬේට එනවා කියලා ගෙදර හිටපු අලූත් නරියට ආරංචි වුණත් ඒ නරියා ඒක එච්චර ගණන් ගත්තෙ නෑ. මොකද කැලේ උන්ගේ වැඩක් බව දන්න නිසා කරබාගෙන හිටියා. කොහොම හරි කලවැද්දා කියපු විදියට වැඬේ කළා. ගමරාළ හිතුවා ආයෙ ගෙදර ඉන්න අය වගකීම පැහැර හැරලා කියලා. ඔය අතරේ කැලේ නරියගෙ මල්ලි ඇවිත් ගමරාලට කිව්වා අපි හිටිය නම් ඔක වෙන්නෙ නෑ නේද ? අපිට ආපහු ඔක භාර දෙන්න කියලා.
ඒ වෙලාවේ ගමරාලටත් හිතුණෙ නරියා කියාපු කතාව ඇත්ත නේද කියලා. ගමරාල මේක ගම හාමිනෙත් එක්ක කතා කෙරුවා. ගම හාමිනේ ගත් කටටම කිව්වේ ආයෙත් පාරක් ඔවුන්ගේ පවුලම මෙහෙ ඇවිත් අපිත් යටත් කරගෙන කුකුල්ලූ ටික කන්න ගත්තාම තේරෙයි. කියලා. ගමරාල ඒක ඇහුවේ නෑ එයා කිව්වේ ඒ වුණාට එයාල කලින් කලවැද්දගෙන් කුකුල්ලූ බේර ගත්තනේ කියලා’‘ එයාල නෙවෙයි අර යාලූ බල්ල තමයි ඔක්කොම කළේ. එයාල ලකුණු දා ගත්ත විතරයි. ඔය දැන් එන්න හදන්නෙත් අපිව රවට්ටගෙන මේක විනාශ කරන්න. ඔය ඉන්න නරියත් පන්නලා දාලා බල්ලො දෙන්නට වගකීම් දෙමු. එතකොට ඒ දෙන්න මේ වැඬේ කරයි කියන කතාව තමයි ගම හාමිනේ කිව්වේ. ටිකක් කල්පනා කරද්දි තමයි ගමරාලටත් ඇත්ත තේරුණේ.

Be the first to comment on "මේක පොඩි කතන්දරයක් . ඒ කතන්දරේ ඇතුළේ ගොඩක් දේවල් තියෙන්නත් පුලූවන් නොතියෙන්නත් පුලූවන්. කියවලාම බලන්න"

Leave a comment

Your email address will not be published.


*