සමෘද්ධි ණයක් ගහල ෆවුන්ටන්ගේට් හන්දියෙ ‘තේ කඩයක් දැම්ම කියන’ සුපිරි ලාංකික ක්‍රිකට් තරුව

අතුල සමරසේකර මෙරට ක්‍රිකට් වංශ කතාවේ වාර්තාගත චරිතයකි.

ටෙස්ට් සහ එක්දින තරග සඳහා ශ්‍රීලංකාව නියෝජනය කළ ඔහු වසර 30ක් තිස්සේ රැකගෙන සිටි මකින් සාලිහ් සහ හර්බි ෆෙල්සින්ගර් ගේ ප්‍රථම කඩුල්ලේ දේශීය වාර්තාව බිඳ දමන්නට වේන් ජෑන්ස් සමග එක්ව 1982 තරඟ වාරයේ දී සමත් වූහ.

පොලිස් ක්‍රීඩා සමාජ පිලට එරෙහිව පළමු කඩුල්ලට ලකුණු 352ක් එක්කළ අතුල සමරසේකර සහ වේන් ජෑන්ස්, එම ඉනිමේ ශතක රැස්කරන ලදී. එමෙන්ම අතුල සමරසේකර එම වසරේ තරඟ වාරයේ දී ලකුණු දහස පසුකර යන්නට ද සමත් විය.

මේවන විට ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවකු ලෙස සේවය කරන අතුල,මේ දිනවල ෆවුන්‍ටන්ගේට් නගරයේ තේ කඩයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

“අයිස්මෝල හන්දියෙ අතුල බැංකුවෙන් සමෘද්ධි ණයක් ගහල ෆවුන්ටන්ගේට් හන්දියෙ දැම්ම බං තේ කඩයක් …” යනුවෙනුයි අතුල සමරසේකර තමන්ගේ නව ව්‍යාපාරය පිළිබඳව තබා ඇති සටහනක දැක්වෙන්නේ.

මේ අපූරු තේ කඩය පිළිබඳව ඔහු තබා ඇති සටහන සහ ඡායාරූප පහතින් දැක්වෙයි.

Be the first to comment on "සමෘද්ධි ණයක් ගහල ෆවුන්ටන්ගේට් හන්දියෙ ‘තේ කඩයක් දැම්ම කියන’ සුපිරි ලාංකික ක්‍රිකට් තරුව"

Leave a comment

Your email address will not be published.


*