මදූෂ්ව රැගෙන ගිහින් සොයා ගත් දේ මෙන්න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක මාකඳුරේ මදූෂ් රැගෙන ගොස් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මීගමුව අක්කර 50 වත්ත දළුපොත ඇළේ සගවා තිබූ ටී 56 ගිනිඅවියක් සොයා ගෙන තිබෙනවා.

මෙම සෝදිසි මෙහෙයුමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව තිබෙනවා. අදාළ ස්ථානයේ තිබී උණ්ඩ රහිත ටී 56 මැගසින් 01ක්ද සොයා ගැනුණු බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.

එම ගිනිඅවිය සහ මැගසිනය වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව ද පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළා.

Be the first to comment on "මදූෂ්ව රැගෙන ගිහින් සොයා ගත් දේ මෙන්න"

Leave a comment

Your email address will not be published.


*