ක්‍රිකට් මහ සටන අද ඇරඹේ

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30දා) එංගලන්තයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව හා සත්කාරක එංගලන්තය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට පළමු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි 01 දා පැවැත්විමට නියමිතව තිබෙනවා.

මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමග ලීග් ක්‍රමයට අනුව තරග වදින අතර එහිදී තරග 45 න් පැවැත්වෙනවා.

තරග 45 න් තරග 38 ක් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වන අතර තරග 7 ක් පස්වරු 7.00 ආරම්භ වනවා.

එංගලන්තයේ ක්‍රීඩාංගණ 10 කදී මෙම තරගාවලිය පැවැත්වෙන අතර එහි අවසන් පූර්ව තරග මැන්චෙස්ටර්හිදී සහ බර්මින්හැම්හිදීද, අවසන් මහ තරගය ලන්ඩන්හි ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට නියමිතයි.

Be the first to comment on "ක්‍රිකට් මහ සටන අද ඇරඹේ"

Leave a comment

Your email address will not be published.


*