නාවික හමුදා කඳවුරට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් – වෙඩි තිබ්බත් බිම නොවැටේ

ඊයේ (26) රාත්‍රී දහයට පමණ තලාතුඔය නාවික හමුදා කඳවුරට ඉහලින් ඩ්‍රෝන කැමරාවක් ගමන්කර තිබෙනවා.

මෙම සැක කටයුතු ඩ්‍රෝන කැමරාව බිම හෙලීම සඳහා නාවික හමුදා කඳවුරේ සෙබලුන් වෙඩිතබා ඇති අතර එම වෙඩි ශබ්දය හේතුවෙන් තලාතුඔය ප්‍රදේශයේ ජනතාව දැඩි බියකින් රාත්‍රීය නිදිවරා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබුවද කැමරාව බිම හෙලීමට නොහැකි වී ඇති අතර ඉතා වේගයෙන් මාරස්සන දෙසට ගමන්කර තිබෙනවා.

ආරක්ෂක හේතූන් මත මේ දිනවල ඩ්‍රෝන කැමරා යැවීම නීතියෙන් තහනම් කර තිබියදී මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සොයා තලාතුඔය පොලිසිය හා නාවික හමුදා කඳවුරේ නිලධාරීන් එකතු වී පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ

ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරක් දන්නේනම් පොලීසියට ලබාදෙන ලෙස තලාතුඔය පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Be the first to comment on "නාවික හමුදා කඳවුරට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් – වෙඩි තිබ්බත් බිම නොවැටේ"

Leave a comment

Your email address will not be published.


*