වැඩ නිමකර කොළඹ කෝච්චියෙන් ‘ගෙදර එන’ යොවුන්දේශපාලන නායකයා

මේ මහනුවර සිට කොළඹ බලා අද දහවල් (24) ධාවනය වූ දුම්රියයි.එම දුම්රියේ සිටි එක් මගියෙක් පිළිබඳව අනෙකුත් මගීන් විමසිලිමත්වන අයුරු දක්නට ලැබුණා.

කොළඹ දුම්රියට අමුත්තෙකු වුව ද මේ මගියා  අනෙකුත් මගීන්ට අමුත්තකු වුණේ නැහැ.

මේ මගියා එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් .

ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය සහ ඒකාධිපති වියරුවට එරෙහි ජනරැළි මාළාව  අද (24) මහනුවර නගරයෙන් ඇරඹුනේ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ ද සහභාගීත්වයෙන් .

එම රැළියෙන් අනතුරුව මාර්ගයේ වාහන තදබදය හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්වරයා කොළඹ පැමිණීමට මෙලෙස දුම්රියට ගොඩ වී ඇති බවයි පසුව වාර්තා වුණේ.

 

 

1 Comment on "වැඩ නිමකර කොළඹ කෝච්චියෙන් ‘ගෙදර එන’ යොවුන්දේශපාලන නායකයා"

  1. That’s great you are traveling in public transport which is not a new thing to us
    Living in the U.K. for the. Last 22years it’s an normal occarance that PMs and ministers travel by trains
    My suggestion for future you need to think of appointing at least deputy leader as an a female as they represent 52 percent of the whole population in Sri Lanka
    Finally wish you and all fighting to restore democracy in Sri Lanka

Leave a comment

Your email address will not be published.


*